නිදහස සොයන ඔබට...

යකඩින් හදපු බොහොම ශක්තිමත් කූඩුවක මනුෂ්‍යයෙකු හිර කරලා. ඒ මනුෂ්‍යයට නිදහස් වෙන්න අවශ්‍යතාවය තිබුනට, ඒ ශක්තිමත් හිර කූඩුව කඩාගෙන එලියට එන්න පුළුවන් කමක් නෑ. මේ මනුෂ්‍යයා කූඩුව ඇතුළට වෙලා කෑගහනවා තමන් නිදහස් කරන්න කියලා. නමුත් වටපිටාවේ ඉන්න එයාගේ යාලුවෝ හිතවත් පිරිසට කිසිවෙකුට එයා හිර කූඩුවක ඉන්නවා කියලා පේන්නේ නෑ. ඒ නිසා ඒ පිරිස විහිළු කරනවා. කූඩුව ඇතුළේ ඉන්න මනුෂ්‍යයා, කූඩුවෙන් පිට ඉන්න පිරිසට තමන්ව නිදහස් කරන්න කියලා බනිනවා කෑගහනවා. නමුත් මේ බාහිර ඉන්න කිසිවකුට ඔහුව නිදහස් කරන්න ක්‍රමයක් නැහැ. මොකද ඒ පිරිසත් වෙන කෙනෙකුට උදව් කරන්න බැරි වෙන විදිහට වෙන වෙනම හිර කූඩුවල ඉන්නේ...

සතුටින් ජීවත් වීමේ කලාව - පොත් කවරය

සතුටින් ජීවත් වීමේ කලාව

සමහර පොත් රස බැලීමටයි. තවත් සමහරක් පොත් ගිල දැමීමටයි. ඉතා සුළු ප්‍රමාණයක් පොත් විකා ජීර්ණය කර ගැනීමටයි.

මේ පොත ඔබට හුදෙක්ම රස විඳීමට හෝ ගිල දැමීමට සුදුසු පොතක් නොවන අතර හැම වැකියක්ම, හැම ඡේදයක්ම, හැම පිටුවක්ම ඉතා හොඳින් අර්ථ විනිශ්චය කරමින් ජීර්ණය කරගත යුතු පොතකි. එසේ අර්ථය ජීරණය කරගත හොත්, සැනසීම සැපය හොයන ඔබට ඒ සැනසීම සැපය දිශාවට ළඟා වීමට මාර්ගය විවර කරගත හැකිවනු ඇත. ඒ අර්ථය මේ පොතෙන් සිද්ධ වනවාදැයි ගවේෂණය කිරීමට ඔබට පවරමි.